නිදහස් දින පෙරහුරුව අතරතුර පැරෂුට් දෙකක් පැටලී සිව්දෙනෙකුට තුවාල
2024 January 30- Page Views : 18 නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර ඇතැයි වාර්තාවේ.
පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇත.
කෙසේ වෙතත් පැරෂුටය මගින් සෙමින් පහත හෙළන ක්‍රියාකාරීත්වය අඩාළ නොවූ නිසා අනතුරින් දිවි බේරිණි.
අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙකි.
දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් අනෙක් දෙදෙනා යුධ හමුදා රෝහලටත් ඇතුළත් කර තිබේ.
තත්ත්වය බරපතල නැති බව රෝහල් ආරංචි මාර්ග කියයි.