WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාත්‍යන්තර පාසලේදී ගසට යටවූ සිසුදරුවා මරුට

2024 February 06- Page Views : 35

ගම්පොළ නගරයේ ජාත්‍යන්තර පාසලක ඊයේ (5) දහවල් විවේක කාලයේදී එහි පෙර පාසල් දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ගසක් කඩා වැටීමෙන් එක්දරුවකු මියගොස් ඇති අතර දරුවන් දෙදෙනකු තුවාල ලබා ගම්පොළ හා මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බව ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සෙයිම් අස්වී නමැති පස් හැවිරිදි දරුවෙකි.දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක අස්වී වැඩිමල් දරුවාය. මෙම ජාත්‍යන්තර පාසලේ පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර එය ගොඩනැගිලි ගණනාවකින් සමන්විතය.පෙර පාසල් කොටසේ පන්ති හතරක් ඇති බව පොලිසිය පවසයි.

ෙර පාසල් විවේක කාලයේ එක් පන්තියක සිටි ළමයින් තිස් එක් දෙනකු ‘‘සෙල්ලම් මිදුලට’” වී සිටියදී සුළඟක් සමග කුඩුදවුල ගසක් ළමයින් අතරට කඩා වැටී ඇතැයි පොලිසිය කියයි. මෙම ‘සෙල්ලම් මිදුල" දැල් ගසා කොටුකර ඇති අතර විශාල ලෙස අතු විහිදුණු ගස ඒ මතට කඩා වැටී මෙම අනතුර සිදුවී ඇතැයිද ඇත්ගාල පොලිසිය පවසයි.

මෙම පාසලේ මායිම් බැම්මෙන් පිටත තිබූ ගස අනාරක්ෂිතව තිබී ඇති බවද දෙමාපියෝ පවසති. සිද්ධිය සමග තුවාල වූ දරුවන් තිදෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් දරුවකු මෙසේ මියගොස් ඇත.බරපතළ තත්වයේ සිටි තවත් දරුවකු මහනුවර ජාතික රෝහලට යවා තිබේ. අනෙක් දරුවා ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි. සුරංග රාජනායක