සිව් වසරකට පසු දිවයිනට ආ අමුත්තා
2024 April 01- Page Views : 1874
වසර 04 කට පසු තායි එයාර්වේස් ගුවන්යානයක් දිවයිනට පැමිණ තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එම ගුවන්යානය පැමිණ ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේය.
ගුවන් යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය.
ඒ අනුව සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදුකිරීමට නියමිත බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.