WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සරසවි සිසුවෙක් දුම්රියේ ගැටෙයි

2024 April 02- Page Views : 68

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ සිසුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත් තිබේ.

ඊයේ (01) සවස එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේදීය.

පොලීසිය පවසන්නේ, මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියක මෙම සිසුවා ගැටී ඇති බවය.

එසේ මියගොස් ඇත්තේ, තල්පිටිය උතුර, වාද්දූව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.