ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි
2026 July 27- Page Views : 4
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය පැවසුවේ ඒ අනුව මේ දක්වා ඩෙංගු රෝගීන් 82,011 වාර්තා වී ඇති බවය.
එමෙන්ම ඩෙංගු රෝගය හමුවේ පුද්ගලයින් 61 ක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ඒකකය සඳහන් කළේය.
මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,395 කි.
දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,294 ක් ලෙසද සටහන් වී තිබේ.
මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 43,388 ක් ලෙස සටහන් වී ඇත.
දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12,419කි.
මේ යටතේ දිවයින පුරා ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අවදියක අධි අවදානම් කළාප 175ක් පවතින බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.