WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දරුවන් 5 දෙනෙක් සමග පිළිකාවකින් බැටකමින් හොරෙන් කඳුළු බොන අම්මාගේ කතාව

2024 April 03- Page Views : 44

උගුරේ ඇතිවී ඇති දරුණු පිළිකාවක් හේතුවෙන් දුක් විඳිමින් සිය දරුවන් 5දෙනා ජීවත් කරවීමට වෙරදරන මවක් පිළිබඳ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ජන උදාන ගම්මානය වාර්තා විය.

වසර ගණනාවක සිට තිබූ උගුරේ ආසාදනයක් පරීක්ෂා කිරීමේ දී එය පිළිකා රෝගි තත්ත්වයක් බවට හදුනාගෙන තිබුණි.

එදා සිට මේ දක්වා දරුවන් පස්දෙනා ජීවත් කරවමින් ඒ අතරම ප්‍රතිකාරත් ලබා ගනිමින් සියලු දුක් කරදර වලට මූණ පාමින් ජීවිතයත් මරණයත් අතර සටන් කරන බව ඇය හැඬු කඳුළින් අප සමග සඳහන් කළාය.

ජන උදාන ගම්මානය, අළුබද්ද , ගල්නෑව යන ලිපිනයේ පදිංචිව සිටින ඩබ්ලිව්.එම්. දිනේෂා කුමාරි වර්ණසුරිය, 36 හැවිරිදි ය.

ඇයගේ සැමියා වන එච්.එම්. අජිත් කුමාර, කුලී වැඩකර අවශ්‍ය මුදල් සොයාගනී.

ඇවිද ගැනීමට හා කතා කිරීමට නොහැකිව රෝගී තත්වයෙන් ඇය පසුවෙයි.

එසේම ඇයගේ කුඩා දරුවන් දෙන්නා තැලසීමියා රෝග වාහකයන් ලෙසද මේ වනවිට හඳුනාගෙන ඇති බව ඇය පැවසුවාය.

මෙම නිවසේ ආහාර පිසීම නිවසේ සහ අනෙකුත් සියලු වැඩ කටයුතු කරන්නේ මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම්වන පවු‍ලේ වැඩිමහල් පුතා සහ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සිටින දෙවැනි දුව බව මව හැඬු කඳුළින් අප සමග සඳහන් කළාය.

අනිත් දරුවන් තිදෙනාගේ සියලු වැඩ කටයුතුද එම දරුවන් දෙදෙනා සිදුකරන බවද ඇය පවසන්නීය .

උසස් පෙළ විභාගයේ සිටීමට නියමිතව පුතා අධ්‍යාපන කටයුතු අතරමග නවතා විවිධ කුලී වැඩවලට යන බවත් තමන්ට එය දරා ගැනීමට නොහැකි බවද ඇය අප සමග සඳහන් කළාය.

"මගේ එකම බලාපොරොත්තුව දරුවන් පස්දෙනාට හොඳට උගන්නලා රටේ හොඳ පුරවැසියන් කරන්න. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ දරුණු රෝගයක් වැළඳෙයි කියලා. මගේ උගුර කපලා අභ්‍යන්තර ග්‍රන්ථි රැසක් ඉවත් කරලා තියෙන්නේ. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් යනවා. ඒත් ඒ මුදල හොයාගන්න තරම් අපට ආර්ථික ශක්තියක් නෑ. අපේ මහත්තයා ගොඩක් මහන්සි වෙනවා අපව ජීවත් කරවන්නේ මගේ බෙහෙත් වලට වියදම් කළා ට පස්සේ කන්න වත් විදිහක් නෑ. සමහර දවස්වලට අපි එක වේලක් කාලා ඉන්නවා .අපේ දරුවෝ පස්දෙනාම දන්නවා අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. මේ අයගේ පාසල් පොත් බෑග්, සපත්තු ගන්න විදියක් නැහැ".

ඔබටත් හැකිනම් මෙම අහිංසකයින්ට උදව් කරන්න. මෙන්න අවස්ථාව..

වැඩි විස්තර - 077 341 6157