WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

’RAMIS’’ අනුකමිටු වාර්තාව ජනපතිට

2024 July 25- Page Views : 21

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ටිරාන් අලස් සහ නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරු කටයුතු කළහ.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඵලදායී අයුරින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රධාන නිර්දේශ, වැදගත්කම සහ කඩිනම් මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ප්‍රධාන නිර්දේශ 7කින් සමන්විතව මෙම වාර්තාව සකස් කර තිබේ.