WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දරුවාගේ හෝඩුවාවෙන් පතුරම් තොගයක් සොයා ගනී

2024 September 07- Page Views : 21

ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබු ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10 ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01 ක් සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ 06 වන වසරේ අධ්‍යාපනය ලබන දරැවකු විසින් පාසලට ගෙන එන ලද ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතුරමක් ලග තබාගෙන සිටියදි එම සිසුවාගේ පංති බාර ගුරැවරයා ඒ පිලිබදව පාසලේ විදුහල්පතිවරයා දැණුවත් කොට තිබුණි.

ඒ අනුව විදුහල්පතිවරයා ගලෙන්බිදුණුවැව පොලිසියට සිදුකළ දැණුම් දිම මත පොලිස් නිලධාරින් පිරිසක් දරැවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂණයේදි මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදි පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබුණි.

පොලිසිය විසින් එම දරැවාගේ නිවස පරික්ෂා කරන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව පමණි.

ඔහුගේ පියා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන බව පොලිසිය පැවසිය.