WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප

2024 July 25- Page Views : 21

අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සැකයට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය .

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයකු,කොළඹ තරුණියක හා චීනය, පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පිතිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම ඇප නියම කළේය.