WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්තිය මෙහෙයුම් දිගටම ආරක්ෂ අමාත්‍යවරයා කියි.

2024 July 26- Page Views : 21

කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවත් ද අමාත්‍යවරයා කීය.

පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවද අලස් මහතා කීය.

වැඩ බලන පොලිස්පතිවරයකු මේවනවිට නිර්දේශ කර ඇත්ද යන්න පිළිබදව කළ විමසීමකදී අමාත්‍යවරයා පැවැසූවේ වැඩබලන පොලිස්පතිවරයකු පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවය.