WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුත්තලම රිය අනතුරින් තිදරු පියා මරුට

2024 September 19- Page Views : 41

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ 6 කණුව ප්‍රදේයේදී අද ( 19) සිදුවු අනතුරකින් බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රියදුරකු වන කරුවලගස්වැව ඉහල පුලියන්කුලම ප්‍රදේශයෙ පදිංචි තිදරු පියකු වු 44 හැවිරිදි සිංහ කුට්ටි මුදියන්සේලාගේ ප්‍රදිප් රත්නසිරි නැමති තිදරු පියකු බව කියයි.

වව්නියාව සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන බස් රථයක් හයෙ කනුව ප්‍රදේශයෙදී මාර්ගය හරහා දැමිමට ගිය ලුණු පැටවු ලොරි රථයක හා මාර්ගයෙ ගමන් කරමින් තිබු ලොරියක ගැටි මෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

එකවර විශාල බරක් පටවා තිබ ලොරි රථය මාර්ගය හරහා දැමිමත් සමග අධික වේගයෙන් පැමිණි බස් රථය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි වී ඇති බව කියයි.