WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග අදින් ඇරඹෙයි

2024 October 20- Page Views : 35

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතව තිබේ.

දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර තරග 03කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.