WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පිරමීඩ ජාවාරමට හසු වූ 13000 කගෙන් පොලිස් ස්ථාන වෙත පැමිණිලි

2025 February 06- Page Views : 36

ඔන්මැක්ස් ඩී ටී මහා පරිමාණ පිරමීඩ ජාවාරමට හසු වූ 13000 කට අධික පිරිසක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මගින් සියලු පොලිස් ස්ථාන වෙත යොමු කරන ලද විශේෂ පැමිණිලි ආකෘති පත්‍රයකට අනුව ඔන්මැක්ස් වංචාවට හසු වූ පුද්ගලයන් එලෙස පැමිණිලි ඉදිපත් කර තිබූ බවයි.

අදාළ පැමිණිලි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත කාණ්ඩ 04 ක් යටතේ විමර්ශන පවත්වන බවත්, ඒ සඳහා විශේෂ නිලධාරින් කණ්ඩායමක් අනුයුක්ත කර තිබෙනවා.