ජනපති නීතිපති කැඳවයි
2025 February 06- Page Views : 37 ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් පොලිස් නිලධාරීන් කැඳවනු ලැබ ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නීතිපතිවරයාගේ මැදිහත්වීමක් සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ අය කිඹුල් කඳුළු හෙලන බවද අමාත්‍යවරයා කීය.
එලෙස කඳුළු හෙලන්නේ ආණ්ඩු ගණනාවක් පසු කරගෙන ආ පුද්ගලයන් බව කී අමාත්‍යවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව හැම විටම නීතියේ ආධිපත්‍ය රැකීමට ක්‍රියා කරන බව අවධාරණය කළේය.
කිසිදු අයුරකින් ඝාතකයන් නිදහස් කරන්නට ආණ්ඩුව ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා කීය.