WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

154 වන කණ්ඩායමත් ඊශ්‍රායලයට

2025 February 07- Page Views : 37

ඊශ්‍රායල නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ එකලොස් දෙනෙකු සඳහා ඊයේ (2025.02.06) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ගමන් බලපත්‍ර ලබා දීම සිදු වුණා.

මෙලෙස ඊශ්‍රායලයට පිටත්ව යෑමට සූදානම් වන්නේ 154 වන කණ්ඩායමයි.

මෙම එකලොස් දෙනා අතරට කාන්තා රැකියාලාභීන් නව දෙනෙකු සහ පිරිමි රැකියාලාභීන් දෙදෙනෙකු ඇතුළත්.

2025 ජනවාරි මස පළවෙනිදා සිට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමි වූ පිරිස මෙම කණ්ඩායමද ඇතුළත්ව 131 ක්.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 2,021 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා උදා වී තිබෙනවා.

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සඳහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.

සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතිනවා.