WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තුවාල සහිතව මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් හමුවෙයි

2025 February 10- Page Views : 36

තුවාල සහිතව මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් දිඹුල පතන පොලිස් වසමට අයත් මේෆිල්ඩ් වතුයායේ තිබී ඊයේ (09) දින පස්වරුවේ හමු වූ බව නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරීන් පවසනවා.

අවු 03 ක් පමණ වයසැති ගැහැණු කොටියාගේ හිසට බරපතල ලෙස තුවාල සිදු වී ඇති අතර, එම තුවාලය වාහනයකට ගැටී හෝ කිසියම් පුද්ගලයෙකු විසින් පහර දීමෙන් සිදු වූ තුවාලයක් බවට සැකකරන බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.

කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රණ්දෙණිගල වනජීවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.