WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාස්ටර් ඉන්වෙස්ට්මන් ප්‍රධානියා ජනපති හමුවෙයි

2025 February 11- Page Views : 34

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාස්ටර් ඉන්වෙස්ට්මන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හමුවී සාකච්ඡා කළා.

ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තුන්දින නිල සංචාරය අතරතුරදීයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටිනවා.

එහිදී මාස්ටර් ඉන්වෙස්ට්මන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑනනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිම් මහතා හමුවුණා.

ඒ ඩුබායි හි ජුමෙයිරා බීජ් හෝටලයේදීයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවදානය යොමු කෙරුණා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබෙන්නේ හෙට (12) දිනයේදීයි.

අද (11) සිට ලබන 13 වැනිදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය සමුඵව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.