ඉද්දපිච්ච වැවේ රොන් මඩ හා පාසි ඉවත් කිරීම ඇරඹෙයි
2025 February 11- Page Views : 33 මහවැලි බී කලාපයට අයත් ඉද්දපිච්ච වැවෙහි රොන් මඩ හා පාසි ඉවත් කිරිම ආරම්භ කෙරුණා.
ඒ මහවැලි පුනරුද 2025 වැඩසටහනට සමගාමිවයි.
මහවැලි පුනරුද වැඩසටහන යටතේ මහවැලි බී කලාපයේ ද සියලු අංශයන්හි නව පිබිදිමක් ඇති කිරීම අපේක්ෂාවයි.
මේ යටතේ ඉද්දපිච්ච වැවෙහි රොන් මඩ හා පාසි ඉවත් කිරීම නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මෙන්ම ගොවි පවුල් 4000කටත් කුඹුරු අක්කර 700කටත් මෙම වැවෙන් දියවර සැපයෙනවා.