WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තලල්ල මුහුදේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයා අතුරුදන්

2025 November 06- Page Views : 33

ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයෙකු දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට ගන්දර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (05) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අතුරුදන්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රංසෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වූ තරුණයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමඟ වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

  අතුරුදන් වූ තරුණයා සොයා හිරිකැටිය පොලිස් ස්ථානයට අනුයුක්ත ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් දියත් කර තිබේ.

ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.