WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රා.ලේ.කො. 30කට නාය අනතුරු ඇඟවීම්

2025 November 18- Page Views : 39

පවතින වැසි සහිත  කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක්  සඳහා   නායයෑමේ  පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන   නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  පියවර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ  අරණායක   යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන  මට්ටමේ අවදානමෙන්  සිටින ලෙස දැනුම්දීමේ නිවේදන  නිකුත් කොට තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලය, උඩුනුවර, උඩ පලාත, තුම්පනේ, පාතහේවාහැට, උඩදුම්බර, ගග ඉහල කෝරලය, පස්බාගේ කෝරලය, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, මාවනැල්ල, දැරණියගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, නෝර්වුඩ්, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, බලන්ගොඩ, කලවාන, කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

අද (18) පස්වරු දක්වා මෙම නිවේදන වලංගු වන බවත්, එම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයන්ගේ  පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.