WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පරිපාලන දිස්ත්‍රික්ක 22ක් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ලෙස නම් කරයි

2025 December 03- Page Views : 3

'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22ක් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් පුරා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය, අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සිදුවූ විශාල හානිය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව, මෙසේ ජාතික ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක පහතින්,

1. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය 2. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය 3. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය 4. කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය 5. මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය 6. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය 7. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය 8. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය 9. අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය 10. කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය 11. යාපනය පරිපාලන දිස්ත්‍රික්කය 12. පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය 13. මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය 14. පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය 15. රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය 16. මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කය 17. මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය 18. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය 19. ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය 20. කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය 21. වව්නියා පරිපාලන දිස්ත්‍රික්කය 22. කළුතර පරිපාලන දිස්ත්‍රික්කය