ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්: සුනාමි අනතුරු
2025 November 27- Page Views : 33
ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් රික්ටර් පරිමාණයේ 6.6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය.
භූමිකම්පාවෙන් පසු අසල්වැසි කලාපීය රටවලට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණි. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසටය.
භූමිකම්පාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26 ට හටගත් බව පැවැසෙයි. ඒ, කිලෝමීටර් 25 ක් ගැඹුරින් මූදු පතුලේය.