WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අමෙරිකාවට

2026 April 28- Page Views : 5

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි තිබේ.

චාල්ස් රජුගේ පාලන කාලය තුළ සිදුවන වඩාත්ම ඉහළ පෙළේ සහ වැදගත් රාජ්‍ය සංචාරය වන මෙය, බ්‍රිතාන්‍ය පාලනයෙන් අමෙරිකාව නිදහස ලැබීමේ 250 වැනි සංවත්සරය සනිටුහන් කරන අතර, දශක දෙකකට පසු බ්‍රිතාන්‍ය රජෙකු එරටට පැමිණි පළමු අවස්ථාව ද වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් විසින් මෙම දෙපළ උණුසුම්ව පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මාධ්‍ය ප්‍රධානීන්, වොෂින්ටනයේ ප්‍රභූන් මෙන්ම අමෙරිකානු සෙනෙට් සභික ටෙඩ් කෲස්, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් සහ අනෙකුත් රටවල තානාපතිවරුන් ඇතුළු පිරිසක් සමඟ චාල්ස් සහ කැමිලා යුවළ සුහද පිළිසඳරක ද යෙදී ඇත.

මෙම සංචාරයට කොංග්‍රස් මණ්ඩලය ඇමතීම, ධවල මන්දිරයේ පැවැත්වෙන උත්කර්ෂවත් රාජ්‍ය භෝජන සංග්‍රහයක් සහ නිව්යෝර්ක් නුවර සංචාරයක් ද ඇතුළත් වේ. 

පසුගිය සෙනසුරාදා ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පසු අගනුවර තවමත් නොසන්සුන්කාරී තත්ත්වයක පවතින පසුබිමක මෙම සංචාරය සිදු වීමත් විශේෂත්වයක්.