WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හැටන් දික්ඔය ද්විත්ව ඝාතන සැකකරු රෝහලෙන් පනී

2026 May 27- Page Views : 11

හැටන් දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී අද (27) දින අලුයම බන්ධනාගාර නිළධාරීන්ට හොරෙන් පැන ගොස් ඇති බව හැටන් පොලීසිය පවසයි.

සැකකරු ජූනි මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සැකකරුගේ ඇති වූයේ යැයි කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිළධාරීන් විසින් සැකකරුව ඊයේ දින මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.

එහිදී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු අද අලුයම රෝහලෙන් පැනගොස් ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් එක්ව මෙහෙයුමක්ද දියත් කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරු බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැගව සිටියදී හැටන් පොලිස් නිළධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නියෝග කර තිබුණි.

මේ අතර, සැකකරු බිරිදගේ ණය මුදලක් ගෙවීම සඳහා බිරිදගේ බලපෑම මත තමන් මෙම ඝාතනය සහ සොරකම සිදුකළ බව සැකකරු පවසා තිබේ.

එලෙසම තමන් එම තත්ත්වයට පෙළඹවූ බිරිදව බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඝාතනය කරන බවට සැකකරු හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් හමුවේ පවසා තිබුණි.

එම තත්ත්වය මත බගවන්තලාව පොලීසිය මගින් සැකකරුගේ බිරිදට අද දින පොලීසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇත.