මිහින්තලේ පොලිස් සිරමැදිරියෙන් දෙදෙනෙකු පනී
2026 June 04- Page Views : 8
මිහින්තලේ පොලිසිය විසින් අයිස් මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන් පැනගොස් තිබේ.
මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (03) සවස අයිස් මත්ද්රව්ය සමග වයස අවුරුදු 29ක් සහ අවුරුදු 30ක් වයැසැති මිහින්තලේ අඹතලාගම පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනාට නඩු පවරා තිබූ අතර, අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවද වාර්තා වෙයි.
එවන් පසුබිමක සැකකරුවන් දෙදෙනා අද (04) අලුයම රඳවා සිටි සිරමැදිරියේ දමා තිබූ අගුල ගලවා පැනගොස් ඇති බව මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතා පැවසීය.
පලාගිය සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.