වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු 340ට ළංවෙයි
2026 June 04- Page Views : 7
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.
අද (04) දිනයේදී මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.50 ත් රුපියල් 340.50 ත් අතර අගයක සටහන් කර තිබේ.
පසුගිය දින කිහිපය පුරාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර, එය අද දිනයේ දී තවදුරටත් මෙලෙස දුර්වල වී ඇත.