WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෙට්ටුමකඩ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

2026 June 08- Page Views : 4

කළුතර වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අධාර අනුබල දුන් පුද්ගලයෙකු වැලිපැන්න, වලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කළුතර අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකදීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36ක් වූ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු මතුගම, කළුතර තිස්සමහාරාම, වලස්මුල්ල හා මොරවක යන මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර සිටි අයෙකු වන බවය.

ඉකුත් 28 වනදා උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කරමින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.