WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම ඇරඹෙයි

2026 July 29- Page Views : 4

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම මේ වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේදී ආරම්භ වී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

මෙම මහා සභා රැස්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, නීතිඥ උදය ගම්මන්පිල, ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු නීතිඥවරු රැසක් මේ සඳහා එක්ව සිටී.

මෙරට අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් ආණ්ඩුව ගෙන ආ අතර ඊට අධිකරණ සේවා සංගමයෙන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන්, ජනාධිපති නීතීඥවරුන්ගෙන් හා දේශපාලන පක්ෂ රැසකින් දැඩි විරෝධය එල්ල වුණි.

කෙසේවෙතත් එම විරෝධතා මධ්‍යයේ ඉකුත් ජුලි 27 වනදා ජනපති ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය එම යෝජනාව සම්මත කරගත්තේය.

මෙවන් පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් දිනන දකුණ සාමුහිකය පවසන්නේ පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් බවය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම තීරණය අධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ පළාත් මට්ටමින් අභියාචනාධිකරණයේ නඩු ඇසීම ව්‍යාප්ත කිරීම සඳහා වන සාමාන්‍ය පරිපාලනමය ක්‍රියාවලියක් ලෙස රජය විසින් නිරූපනය කළද, මෙය විධායකයේ අවශ්‍යතාවලට යටත්ව ඉහළ අධිකරණවල කටයුතු කරවා ගැනීම සඳහා කරන උපක්‍රමශීලි පියවරක් බවයි.