WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව - චීන විදේශ ඇමතිගෙන් සහතිකයක්

2026 July 29- Page Views : 5

වගකීම් සහගත රටක් ලෙස සිය භූමිකාව තවදුරටත් ඉටු කරමින්, ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පැවසීය. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝලීය සංවර්ධන මුලපිරුම ආරම්භ කර වසර පහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් බෙයිජිං හි පැවති උත්සවයකට එක්වෙමිනි.

වසර පහකට පෙර චීනය ඉදිරිපත් කරන ලද මෙම මුලපිරුම මඟින් ගෝලීය සංවර්ධන කාර්යය ශක්තිමත් කිරීම සඳහා චීනය දායකත්වයක් ලබාදුන් බව හෙතෙම පැවසීය. 

පසුගිය වසර පහ තුළ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා යාන්ත්‍රණ ක්‍රමයෙන් වැඩිදියුණු කරගනිමින්, ප්‍රායෝගික ප්‍රතිඵල අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

වර්තමානයේ අස්ථාවර හා සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය තුළ මෙම මුලපිරුමෙහි වැදගත්කම තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද Wang Yi මහතා පෙන්වා දුන්නේය. 

සියලු රටවල් සහ පාර්ශ්වයන් සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර, චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුණු හා සමපාත කිරීම තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද Wang Yi මහතා මෙහිදී අවධාරණය කළේය.

එකමුතුව සහ සහයෝගීතාව ශක්තිමත් කර සාමකාමී සංවර්ධනය සඳහා පරිසරයක් නිර්මාණය කිරීම, ඒකාබද්ධ වෑයමකින් එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම, විවෘතභාවය සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කර නවෝත්පාදන සංවර්ධනය ශක්තිමත් කිරීම, බහුපාර්ශ්විකවාදය අනුගමනය කර ගෝලීය පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම වැනි කරුණු සඳහා අවධානය යොමු කරන ලෙස ද විදේශ අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර ඇත.

රැස්වීමට එක්වූ සියලු පාර්ශ්ව පසුගිය වසර පහ තුළ ගෝලීය සංවර්ධන මුලපිරුම මඟින් අත්කරගත් ප්‍රතිඵල ඉහළින් අගය කළහ. 

එමෙන්ම ඔවුහු ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී චීනය ඉටුකරන නායකත්ව භූමිකාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කළහ. 

එමෙන්ම චීනය සමඟ සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇත.