WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තැන තැන සිදුවන මාරක අනතුරු

2026 August 02- Page Views : 5

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මාදම්පේ, පම්බල ප්‍රදේශයේ පොල් ඉඩමක් තුළ ධාවනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව පෙරලීයාමෙන් අනතුරක් සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූ ට්‍රැක්ටර් රථ රියදුරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 24 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. එමෙන්ම මඩු ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලීගොස් සිදුවූ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. මේ අතර කෝපායි, කොණ්ඩාවිල් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කොකුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. එමෙන්ම ඕමන්ත ප්‍රදේශයේ දී ලොරි රථයක් පදිකයෙකුගේ ගැටී සිදුවු අනතුරකින් 52 හැවිරිදි පදිකයා එම ස්ථානයේම මියගොස් ඇති බව පොලිසිය පවසයි.