WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

2025 July 17- Page Views : 7

රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (16) රාත්‍රී චෙන්නායි හී සිට පැමිණි 23 හැවිරිදි ඩෙන්මාක් ජාතික තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ පසුව ඇය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර හරිත මාවත ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටව යාමේ දී ඇයගේ ගමන් මල්ලේ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

ගමන් මල්ලේ ආහාර අඩංගු පැකට් 25ක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබිය දී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 356ක් සොයාගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.