WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙරට සංචාරක පැමිණීම සියයට 30කින් පමණ අඩුවෙයි 

2026 March 14- Page Views : 14

මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රය සඳහා බලපෑමක් එල්ලවී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවේ සමස්ථ අපනයනවලින් මැදපෙරදිග කලාපය  8%ක පමණ අපනයන ප්‍රමාණයක් නියෝජනය කරන බවය.

මේ අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් ඉරානයට අපනයන කරන 35% ක තේ ප්‍රමාණය වෙනත් රටකට යොමු කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බවද මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.