ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති, පලස්තීනුවන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවය පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මහ්මූද් අබ්බාස්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කියා සිටියේය.
පලස්තීන ඉතිහාසයේ ‘වඩාත්ම භයානක කාල පරිච්ඡේදය’ මේ වනවිට උදා වී ඇති බවත්, පලස්තීනුවන්ට නොයෙක් අඩන්තේට්ටම් සිදුවන බවත්, ඔවුන් අමුඅමුවේ ඝාතනය වන බවත්, එය මානුෂික ඛේදවාචකයක් බවත් ඊශ්‍රායලට උත්සාහ ගන්නේ පලස්තීනුවන් මුලිනුපුටා දැමීමට බවත් පලස්තීන ජනාධිපතිවරයා ජගත් මහ සමුළුව හමුවේ පෙන්වා දුන්නේය.
ජනාධිපති මහ්මූද් අබ්බාස්, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතුවේ, බටහිර ඉවුරේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේය. එය පෙර පටිගත කළ වීඩියෝවක් බව ද පැවසෙයි.
පලස්තීනුවන් ජීවත් වන ප්‍රදේශ දෙකකි. ගාසා තීරය සහ බටහිර ඉවුර යනු ඒවාය. ගාසා තීරය පාලනය කරන්නේ හමාස් සංවිධානයයි. බටහිර ඉවුර ඇත්තේ පලස්තීන පාලන අධිකාරිය යටතේය.
ජනාධිපති මහ්මූද් අබ්බාස්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජගත් මහ සමුළුව ඇමතුවේ, ඔහුට හෝ ඔහුගේ පලස්තීන නියෝජිතයන්ට හෝ ඇමෙරිකාවට පැමිණීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රමුඛ රජය අවසර නොදුන් බැවිනි.
පසුගිය 2025 දී මේ අයුරින්ම, ජගත් මහ සමුළුව ඇමතීම සඳහා, ජනාධිපති මහ්මූද් අබ්බාස්ට හෝ නියෝජිතයන්ට හෝ ඇමෙරිකාවට පැමිණීමට අවසර ලැබුණේ නැත.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇති එකම විසඳුම වන්නේ ද්වී රාජ්‍ය විසඳුම යැයි බටහිර රටවල පවා විශ්වාසයයි. මීට යුදෙව් ඊශ්‍රායලය දැඩිවිරෝධය පළ කරයි. ද්වී රාජ්‍ය විසඳුමකට යෑම අසීරු වී ඇත්තේ පලස්තීනුවන් ජීවත් වන ගාසා තීරය සහ බටහිර ඉවුර එකිනෙකට වෙනස් ස්ථාන දෙකක පිහිටීමය.
පලස්තීන ජනපති වීඩියෝ තාක්ෂණයෙන් සමුළුව අමතයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
කසුන් සම්පත් ප්‍රනාන්දු
ක්‍රීඩා ප්‍රධාන වාර්තාකරු
ජාත්‍යන්තර ක්‍රිකට් සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආවරණය කළ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.