ජපානයට බලපා ඇති ප්‍රබල ‘‘ටයිෆූන්‘‘ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මිලීමීටර් 300කට අධික වාර්තාගත වර්ෂාපතනයක් ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය සහ ගුවන්තොටුපොළ කටයුතු ද සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජපාන කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරන්නේ එරට ප්‍රදේශ කිහිපයකට වාර්තා ගත වර්ෂාපතනයක් ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇති බවය.
ඒ අනුව ටෝකියෝ කලාපයට මිලිමීටර් 350ක පමණ තද වැසි ඇති වීමේ හැකියාවක් ද පවතින අතර මේ හේතුවෙන් පහත් බිම් ප්‍රදේශවලට දරුණු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද එරට කාලගුණ බලධාරීන් පවසයි.
ජපානයේ කාලගුණයත් අයහපත් අතට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.