අකුරණ ප්‍රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබුවන් අකුරණ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබුණි.

සිමෙන්ති පැටවූ ලොරි රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබු වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.‍

තුවාල ලැබුවන් කිහිප දෙනෙකු අකුරණ ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේදී සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් වාහන කිහිපයක සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අනතුරින් සිදුවූ තුවාල, ජීවිත හානි සහ දේපොළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර තිබේ.