ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීමත් සමග අඛණ්ඩව ඉහළ යමින් පැවැති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී තිබේ.
ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් මිල සලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) උදෑසන වන විට අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් තිබූ අතර, එය අද වන විට ඩොලර් 104.61 දක්වා පහත බැස ඇත.
ඊට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඊයේ සටහන් වූ ඩොලර් 103.34 සිට අද වන විට ඩොලර් 100.05 දක්වා අඩුවී තිබේ.
මීට අමතරව මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඊයේ පැවැති ඩොලර් 122.48 සිට අද දිනයේදී ඩොලර් 119.46 දක්වා පහත වැටී ඇත.
සතියකට ආසන්න කාලයක් පුරා පැවැති උත්සන්න වූ යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද මෙලෙස බොරතෙල් මිල ගණන් පහළ යෑමට මූලික හේතුව වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානය බලා පිටත්ව යන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් කරනු ලැබූ අනාවරණයයි.
ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක නියෝජිතයන් ද මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතව තිබේ.
ඉරානයේ තීරණයෙන් බොරතෙල් මිල පහළට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.