ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 4කින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස මියගොස් ඇති සිව්දෙනාම පදිකයින් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ඊයේ (03) මෙම අනතුරු සිදුව ඇත්තේ, අවිස්සාවේල්ල, මත්තේගොඩ, කුරුඳුවත්ත සහ කළුතර දකුණ යන පොලිස් වසම්වලදීය.
කොළඹ - රත්නපුර මාර්ගයේ අවිස්සාවේල්ල රෝහල ඉදිරිපිට පදික මාරුවේදී රත්නපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, බෙරන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවකි.
මේ අතර මත්තේගොඩ පොලිස් වසමේ කුඩාමාදූව කෝන්ගස්හන්දිය මාර්ගයේ කුඩාමාදූව ප්‍රදේශයේදී මෝටර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ගමන්කළ පදික පුද්ගලයෙකුගේ ගැටී නවතා තිබූ ත්‍රීරෝද රථයක හා විදුලි රැහැන් කණුවකද ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා හා ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර කුරුඳුවත්ත පොලිස් වසමේ තර්ස්ටන් පාර බගතලේ මාර්ගයේ බගතලේ හන්දිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ සිටි පදික පුද්ගලයෙකුගේ ගැටී ත්‍රීරෝද රථය පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා හා ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර නාගොඩ - කටුකුරුන්ද මාර්ගයේ විජිත මාවත ආසන්නයේදී නාගොඩ හන්දිය දෙස සිට කටුකුරුන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාවන් දෙදෙනා නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පදික කාන්තාවක් මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවකි.
දිවයිනේ ප්‍රදේශ 4ක මාරක අනතුරු - පදිකයින් සිව්දෙනෙකු මරුට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.