පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සාලියවැව, කුඹුක්කල්ල ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (03) දින මෙම මරණය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සාලියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙලෙස මියගොස් සිට ඇත්තේ අවුරුදු 32ක් වූ කුඹුක්කල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව පොලීසිය සැකකරන අතර පුරුෂයා දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.  

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සාලියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.