අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
හම්බෙගමුව පොලිස් වසමේ ලගිනගල ප්‍රදේශයේ ඉඩමක පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බවට හම්බෙගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ(23) උදෑසන මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ ගල්ඉරාමංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු ඉඩමකට ඇතළුවීමටයාමේදී මෙලෙස අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී මියගොස් අති බවට අනාවරණය වී ඇත.
අනවසරයෙන් විදුලි රැහැන් අදින ලද වයස අවරුදු 55ක ලගිනගල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බෙගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.