වසා තැබූ ඒ 1 මාර්ගය යළි විවෘතයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
කොළඹ - මහනුවර ඒ 1 මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නඩත්තු කටයුතුවලින් පසුව අද පෙරවරුවේ විවෘත කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඉකුත්දා සිදුවූ තද වර්ෂාවත් සමග පහළට ආ අවදානම් කළුගල් කීපයක් ඉවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ රාත්‍රී 11 සිට අද උදෑසන 6 දක්වා මාර්ගය වසා දැම්මේය.
නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් පසු අද එම මාර්ගය යළි විවෘත කළේය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.