උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොදැමීමට එකඟතාවක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොදැමීමට බිත්තර නිෂ්පාදන සංගම් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
කුකුළු මස් මිලත් අඩුවන බව කුකුළු මස් නිෂ්පාදකයන් සහතික වී යැයි අමාත්‍යංශය කියයි.
උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී පැවැත්විණ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.
බිත්තර හා කුකුළු මස් වෙළෙඳ සංගම්, සුළු හා මහා පරිමාණ නිෂ්පාදන සංගම්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්හි සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී වෙළෙඳපොළේ කුකුළු මස් මිල අඩු වන තත්ත්වයක් නිරීක්ෂණය වුවද, බිත්තර මිලෙහි යම් වැඩිවීමක් ඇති බැවින් උත්සව සමයේ මිල වැඩිවීමකින් තොරව ජනතාවට බිත්තර ලබාදීමේ අවශ්‍යතාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.