Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතික සේවක සංගමයේ ලංගම සේවකයින් වර්ජනයක

|Wed,12 June 2019|Security| Page Views : 271

අලුත් පුවත්
වඩු මඩු වසා දැමීමට එරේහිව මාරාන්තික උපවාසයක්
තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් ඉහළට
ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය අද සිට විවෘතයි
වතුකරයට විකුණන්න හැදූ මත්කුඩු මාට්ටු
අසාද් සාලි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05වන දා සිට
අද සවස කොළඹ විශේෂ රථවාහන මෙහෙයුමක්
නගුල් එළිය නව ධීවර ගම්මානය ජනතා අයිතියට
 
ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම නිසා එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරතවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 10 ට පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණහොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දැඩි කරන බවයි ලංගම ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් ධර්ම බණ්ඩාර කියා සිටියේ.

ලබාදී ඇති උසස්වීම්වලට අදාළ වැටුප් ලබාදෙන ලෙස පවසමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට පෙරේදා දහවල් මෙම උපවාසය ආරම්භ කළා.

ඊයේ උදෑසන ජාතික සේවක සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණද එයද විසඳුමකින් තොරව අවසන් වී තිබුණා.

විරෝධතාකරුවන් සඳහන් කළේ සාකච්ඡා වට 13 ක් පමණ මීට පෙර පවත්වා ඇති නමුත් තමන්ට නිසි විසඳුමක් නොලැබුණු බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න