Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චමරිට හා ශෂිකලාට ජාත්‍යන්තරයෙන් උසස්වීම්

|Thu,05 March 2020|Special| Page Views : 35

අලුත් පුවත්
කමාන්ඩෝ බළකායට වසර 40ක් පිරීම නිමිත්තෙන් පාගමනක්
කොල්ලකෑම්වලට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
ලොකු ළූණු සඳහා වන සහතික මිල ඉහළට
රුසියානු නාවික හමුදාව නෞකා දෙකක් කොළඹ වරායට
නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
බත්තරමුල්ලේ සිට වැල්ලවත්තටත් බෝට්ටුවෙන් යන්න
යළිත් දුම්රිය වර්ජනයක්
බැංකු මුදල් වංචා කරන මහා ජාවාරමක් හෙළිවෙයි
 
කාන්තා ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට හැකිව තිබේ.

ඒ අනුව මෙම තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන චමරි අතපත්තු ජාත්‍යන්තර කාන්තා විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ 18 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීම කැපීපෙනේ. ඇයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 598කි.

තවද මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ලෝක විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ 9 වැනි ස්ථානය චමරිට හිමිව ඇති අතර තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශෂිකලා සිරිවර්ධනට තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 8 වැනි ස්ථානය හිමිව තිබීමද විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක් හිමිකර දෙමින් කොදෙව් කණ්ඩායම සමඟ පසුගියදා නිමාවූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ ශ්‍රේණි ලකුණු 178ක් ලබා 24 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සමත්ව ඇත.

එමෙන්ම මෙම තරගාවලියේදී සාර්ථක පිතිකරණයක යෙදුණු කුසල් මෙන්ඩිස් ද එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් අභිභවා යෑමද කැපී පෙනෙන සිදුවීමකි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න