Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉඩම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

|Wed,01 July 2020|Security| Page Views :

ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඉ-ඉඩම් විද්‍යුත් ක්‍රමය මගින් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉ-ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව එහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ඉ-ඉඩම් ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණක ගත කරන අතර පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ මාර්ගස්ත ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව හිමි වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න