Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බවුසරයක් අනතුරකට ලක්ව පිපිරී යයි

|Thu, 24 September 2020|Security| Page Views :

මධ්‍යම නයිජීරියාවේදී ඉන්ධන ප‍්‍රවාහනය කරමින් සිටි බවුසරයක් අනතුරට ලක්ව පිපිරී යාමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙී.අඑරට කෝගි ප‍්‍රාන්තයේ ලොකෝජා - අබූජා අධිවේගී මාර්ගයේ ගමන් කරමින් ඇත.

එම ඉන්ධන බවුසරය, එහි රියදුරුගේ පාලනයෙන් ගිලිහී මෝටර් රථ 05 ක, ත‍්‍රීරෝද රථ 03 ක සහ යතුරු පැදි 02 ක ගැටී පෙරලී ගොස් ගිනි ගැනීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතරට පාසල් සිසුන් කිහිප දෙනෙකු ද ඇතුළත් තවත් බොහෝ පිරිසක්, අනතුර හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා තිබෙ. සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප‍්‍රකාශ කරමින් නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි පවසා ඇත්තේ, අනවශ්‍ය මරණවලට හේතු වන නයිජීරියාවේ මෙවැනි ඛේදවාචක සම්බන්ධයෙන් තමන්අ තිශය කණස්සල්ලට පත් වන බවයි.

නයිජීරියාවේ මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම සහ මාර්ග ආරක්ෂක ප‍්‍රමිතීන් ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් එරට තුළ නිරතුරුවම මෙවැනි අනතුරු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න