මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලා භාවයෙන් මුදා හැරේ ...
|Sat, 12 December 2020|Security| Page Views :
|
|
මෝදර, ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පිහිටි රන්දිය උයන ,මෙත්සඳ සෙවන, සමගිපුර, මිහිඳුසෙන් පුර, මෝදර උයන හා මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ 06 දින 51 කට පසුව අද සිට හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මෙම මහල් නිවාස ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවලදී සිදුකළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂාවන් අනුව වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පැවති බවත් ඒ අනුව එම මහල් නිවාස හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මේ වන් විට හුදෙකලා කොට තිබෙන සෙසු මහල් නිවාස 07 තුල සිටින පුද්ගලයින්ගේ PCR සහ ඇන්ටිජන් පරික්ෂණ අද සහ හෙට දිනයේදී සිදුකොට එහි තත්ත්වය ගැන සමාලෝචනය කොට හැකි ඉක්මණින් තීරණයක් ගැනීමට නියමිත බවද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.
මෙම නිවාස සංකීර්ණ හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණ ද එහි සිටින ජනතාවට ඔවුන් ජිවත්වන ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට යෑමට අවස්ථාව හිමි නොවන බව පැවසූ හමුදාපතිවරයා දැනට හුදෙකලා කොට ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් අද දිනයේදී සමාලෝචනය කොට තීරණයක් ගන්නා බවයි ප්‍රකාශ කර සිටියේ.
|
|