විදෙස්ගත තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට ...
|Sat, 12 December 2020|Security| Page Views :
|
|
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ්‍රී ලාංකිකයින් 159 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ අද අලූයම දිවයිනට ලගා වූ ගුවන් යානා 04 කින් එම පිරිස දිවයිනට පැමිණි බවයි.
එලෙස පැමිණි පිරිස අතරට කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 127 දෙනෙකු, ජර්මනියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු හා චීනයේ රැඳී සිටි 11 දෙනෙකු ද අයත්. ඔවුන් සියලූදෙනාට ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.
අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණු බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
|
|