Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරෝනා ආසාදිතයින් සමස්තය 40,000ට ආසන්න වෙයි

|Fri, 25 December 2020|Security| Page Views :

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 592 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගියා. ඉන් 570 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් 18 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඞ් පොකුර 35,548 දක්වා ඉහළ යනවා.

එමෙන්ම, විදේශ රටවල සිට පැමිණි 4 දෙනෙකු ද ඊයේ කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කර ගැණුනා. ඔවුන්ගෙන් 4 දෙනෙකු එක්සත් රාජධානියේ සිට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ ඉරානයේ සිටයි. ඒ අනුව ආසාදිතයින් 8478ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 30,568ක්.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවීමේදී මාර්ග 11ක රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන අතර, බෙන්තොට පාලම අසළ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පාසල් සිසුවෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වුණා.

සිසුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන බැවින් එම පොලිස් ස්ථානයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී තවත් හතරදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණා. ඒ අනුව තවත් 19 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති අතර, 68 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂාව ද සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් අහඹු පරීක්ෂණ සිදුකිරීමේදී එම වාර්තාවල නිවැරදිතාවය ආරක්ෂා කිරීම සඳහා බාහිර තත්ත්ව පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පවතින සියලු වැඩිහිටි නිවාස සදහා පිටතින් පැමිණෙන පුද්ගලයින් ඇතුළු කර නොගන්නා ලෙස දැනුම් දී ඇති බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජෙමුණි සදහන් කළා. මේ අතර, තවත් කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගියා.

අගලවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය 20 වන දා පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීමයි. කොරෝනා ආසාදනයත් සමඟ ලේ විෂවීම මෙම මරණයට හේතු වී තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න