අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
Fri, 14 January 2022- Page Views : 0 results
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.