WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට

2024 September 16- Page Views : 17

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

‘යාගී’ සුළි කුණාටුව මියන්මාරයට කඩා වැදුණේ චීනය, පිලිපීනය සහ වියට්නාමය පසු කරමිනි. මියන්මාරයට කඩා වැදීමට පෙර, සුළි කුණාටුව ජීවිත 287 ක් බිලිගත්තේය. වැඩිම මරණ වාර්තා වූයේ වියට්නාමයෙනි.

සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 200 කට වඩා වැඩි වේගයකින් මියන්මාරයට කඩා වැදුණු බව ද පැවැසෙයි. අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත් වූ මියන්මාර වැසියන් 3,20,000 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බව පැවැසෙයි. මියන්මාරයේ පවතින්නේ හමුදා පාලනයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට මියන්මාරයේ 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 64 දෙනකු අතුරුදන් බවත්ය.